Empty Ad
AFC Banner
Empty Ad

පුද්ගලික රෝහලකින් නිකුත් කළ ඖෂධ බෑගයකින් එළියට ආ අයිස්

පුද්ගලික රෝහලකින් ඖෂධ නිකුත් කළ කුඩා බෑගයක අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සඟවා තබාගෙන සිටි බව කියන සැකකරුවෙකු ව පුත්තලම පොලීසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම – පාලාවිය – නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් වන අයෙකු බවයි.

පුත්තලම පොලීසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමක දී සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබෙනවා.

සැකකරු වෙනත් ප්‍රදේශවලින් මත්කුඩු ගෙනවිත් පාලාවිය සහ අවට බෙදාහරින අයෙකු බවට හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු සහ ඔහු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති මත්කුඩු තොගය පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?