පුද්ගලික ආරවුලක් දුරදිග යාම මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව මතුවන පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනය වී ඇත්තේ වෝගන්වත්ත, මතුගම යන ලිපිනයේ පදිංචි සත්‍යවේල් සසිකුමාර් නම් වයස අවුරුදු 41 වයස ඇති තිදරු පියෙක්.
මියගිය පුද්ගලයා කරණවෑමියෙක් වන අතර ඔහු ඊයේ (16) රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිටින අතරතුර නිවසට මීටර් තුන්සියයක් පමණ ආසන්න පාළු ප්‍රදේශයකදී තියුණු ආයුධයකින් කපා කොට ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
එම ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් එම සැකකරුගේ දොඩංගොඩ ප්‍රදේශයේ ඇති නිවසට ඝාතනය වූ පුද්ගලයාගේ හිතවතුන් සහ ගම්වාසීන් පිරිසක් පමණ පැමිණ අද (17) උදෑසන එම නිවසට ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වනවා.
ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි.





