පුද්ගලික ආරවුලක් නිසා මතුගම තිදරු පියෙක් අවසන් ගමන් යයි

පුද්ගලික ආරවුලක් දුරදිග යාම මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව මතුවන පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ වෝගන්වත්ත, මතුගම යන ලිපිනයේ පදිංචි සත්‍යවේල් සසිකුමාර් නම් වයස අවුරුදු 41 වයස ඇති තිදරු පියෙක්.

මියගිය පුද්ගලයා කරණවෑමියෙක් වන අතර ඔහු ඊයේ (16) රාත්‍රියේ නිවසට පැමිණෙමින් සිටින අතරතුර නිවසට මීටර් තුන්සියයක් පමණ ආසන්න පාළු ප්‍රදේශයකදී තියුණු ආයුධයකින් කපා කොට ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

එම ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එම සැකකරුගේ දොඩංගොඩ ප්‍රදේශයේ ඇති නිවසට ඝාතනය වූ පුද්ගලයාගේ හිතවතුන් සහ ගම්වාසීන් පිරිසක් පමණ පැමිණ අද (17) උදෑසන එම නිවසට ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වනවා.

ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මතුගම පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48