පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් (වීඩියෝ)

පොලිස් නිලධාරියෙකු හා පුද්ගලයෙකු අතර බහින්බස් වීමකින් අනතුරුව එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල (මැයි 26) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඊට අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය මෙම පහරදීමේ සිදුවීම මැයි මස 24 වැනි දා රාත්‍රියේ දී ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ දී සිදු ව ඇති බවයි.

අධික වේගයෙන් යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේ දී ඇති වූ බහින්බස් වීමකින් පසුව මෙම පහරදීම සිදු ව තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර වීඩියෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයාගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
19
+1
0
+1
8
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?