තම පුතා විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තුවාල ලබා ඇති පොලිස් සැරයන්වරයෙකු ප්රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව මීගලෑව පොලීසිය පවසයි.
31 වෙනිදා අළුයම 1.00 ට පමණ මීගලෑව – ගනන්ගමුව ප්රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.
පහර කෑමට ලක්ව ඇත්තේ තඹුත්තේගම පොලීසියට අනියුක්තව ඇලයාපත්තුව පොලිස් ස්ථානායේ විශේෂ රාජකාරි කටයුතු කරන නිලධාරියෙකි.
රාජකාරි විවේක ලබා තමන් 31 වෙනිදා අළුයම නිවසට පැමිණි අවස්ථාවේදී තම පුතා විසින් තමන්ට පහර දුන් බව රෝහල් ගත කර ඇති පොලිස් සැරයන්වරයා මීලගෑව පොලීසියට පැමිණ පවසා ඇත.
පසුව පොලීස් නිලධාරීන් විසින් ඔහුව මීගලෑව රෝහලට ප්රතිකාර සදහා ඇතුළත් කර ඇත. තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව මීගලෑව පොලීසිය කියයි.