නව පාසල් වාරයට කලින් සිසුන්ට නිල ඇඳුම් රෙදි

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව එම නිල ඇඳුම් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමුකරන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

ජනවාරි 27 වනදා නව පාසල් වාරය ආරම්භ වන අතර, ඊට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සිසුන් 4,640,086ක් සඳහා ලබාදීමට නියමිතව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේ.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46