පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දක්වා හෙට (16) දිනයේ සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, අනුව හෙට (16) සිට පුත්තලම දුම්රිය මාර්ගය කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ගමනා ගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිවීම නිසා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකර තිබුණා.
හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා යෑම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යෑම වැනි බරපතළ හානි රැසක් පුත්තලම දක්වා දුම්රිය ධාවනයට බාධාවන්ව පැවතියා.
කෙසේ වෙතත් හෙට (16) දිනයේ සිට පහත පරිදි දුම්රිය ධාවනයට සැලසුම් කර තිබෙනවා.














