AFC Banner
AFC Banner
Empty Ad

පුත්තලමේ රත්තරන් මන්ත්‍රී යළි ඩුබායි ගිහින්

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්රි රහීම් සංචාරයක් සඳහා පෙරේදා (25) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා පෙරේදා (25) රාත්‍රී 8.30ට පමණ ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන තොගයක් නීති විරෝධී අන්දමින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීමේ දී මන්ත්‍රීවරයා පසුගිය 23 වනදා රේගු නිලධාරීන්ගේ භාරයට පත් වුණා.

එහිදී මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 75ක දඩමුදලක් ගෙවීමෙන් පසු නිදහස් කෙරුණු අතර, ඔහු නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් භාණ්ඩ සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම සිද්ධියෙන් දින දෙකකට පසුවයි මන්ත්‍රී අලී සබ්රි රහීම් මෙලෙස යළිත් විදෙස් ගතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?