පුත්තලමේ රත්තරන් මන්ත්‍රී යළි ඩුබායි ගිහින්

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්රි රහීම් සංචාරයක් සඳහා පෙරේදා (25) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා පෙරේදා (25) රාත්‍රී 8.30ට පමණ ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන තොගයක් නීති විරෝධී අන්දමින් ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීමේ දී මන්ත්‍රීවරයා පසුගිය 23 වනදා රේගු නිලධාරීන්ගේ භාරයට පත් වුණා.

එහිදී මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 75ක දඩමුදලක් ගෙවීමෙන් පසු නිදහස් කෙරුණු අතර, ඔහු නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් භාණ්ඩ සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම සිද්ධියෙන් දින දෙකකට පසුවයි මන්ත්‍රී අලී සබ්රි රහීම් මෙලෙස යළිත් විදෙස් ගතව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14