පුටින් ඉන්දියානු සංචාරයට සූදානම්

රුසියානු ජනාධිපති පුටින්ගේ ඉන්දීය සංචාරය මෙම වසර අවසන් වීමට පෙර සිදුවෙතැයි අපේක්ෂා කරන බව රුසියානු වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසනවා.

එහි දැක්වෙන්නේ පුටින්ගේ ඉන්දීය සංචාරය 2025 වසර අවසානයට පෙර සැලසුම් කර ඇති බවත් ක්‍රෙම්ලිනය ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරමින් ඇති බවත්ය.

මෙම හමුව පිළිබඳව දෙරටම උනන්දුවෙන් පසුවෙන බවත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමේ ආපේක්ෂා ඇතිව එම හමුව සිදුවෙනු ඇති බවත් පැවසෙනවා.

රුසියාවේ සේවය කරන ඉන්දියානුවන්ට වැදගත්වෙන තීරණ කිහිපයක් ද මෙහිදී එළඹීමට නියමිත බවද වාර්තා වෙයි.

ඉන්දු – රුසියා නායකයින් දෙදෙනා මේ වසරේ සැප්තැම්බර් මාසයේදී චීනයේ ටියැන්ජින් හිදී පැවැති සමුළුවට සමගාමීව පෞද්ගලිකව හමුවට එක්වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?