පුංචි ඡන්දය ගැන ඉදිරිපත් කළ රිට් පෙත්සමක් නොවැම්බර් 19 යළි කැඳවන ලෙස නියෝග

රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරනල්වරයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම නොවැම්බර් 19 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පෙත්සම ඉදිරිපත් කර තිබූ විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මේ වන විට මියගොස් සිටින බවත් එබැවින් අදාළ පෙත්සමට වෙනත් පුද්ගලයෙකු ආදේශ කොට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලේඛන අධිකරණ හමුවේ ගොනුකර තිබෙන බවත් පෙන්වා දුන්නා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති නීතිඥ වරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මියගොස් ඇති බව තහවුරු කෙරෙන ඔහුගේ මරණ සහතිකය අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවයි.

මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ පෙත්සම්කාර කර්නල්වරයාගේ මරණ සහතිකය අධිකරණය හමු වී ගොනුකර නොමැති හෙයින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීමට තමන්ට විරුද්ධ වන බවයි.

අදාළ පෙත්ස්කරුගේ මරණ සහතිකය අධිකරණයේ හමුවේ ගොනුකර නොමැති නිසා එම කරුණ සැළකිල්ලට ගෙන අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ නොදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ මරණ සහතිකය නොමැතිව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් පුද්ගලයකු ආදේශ කරන ලෙස කරනු ලබන ඉල්ලීම ගැටළු සහගත බවයි.

කෙසේ වෙතත් අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?