පුංචි ඡන්දය ගැන ඉදිරිපත් කළ රිට් පෙත්සමක් නොවැම්බර් 19 යළි කැඳවන ලෙස නියෝග

රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරනල්වරයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම නොවැම්බර් 19 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී පෙත්සම ඉදිරිපත් කර තිබූ විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මේ වන විට මියගොස් සිටින බවත් එබැවින් අදාළ පෙත්සමට වෙනත් පුද්ගලයෙකු ආදේශ කොට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලේඛන අධිකරණ හමුවේ ගොනුකර තිබෙන බවත් පෙන්වා දුන්නා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති නීතිඥ වරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මියගොස් ඇති බව තහවුරු කෙරෙන ඔහුගේ මරණ සහතිකය අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවයි.

මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ පෙත්සම්කාර කර්නල්වරයාගේ මරණ සහතිකය අධිකරණය හමු වී ගොනුකර නොමැති හෙයින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීමට තමන්ට විරුද්ධ වන බවයි.

අදාළ පෙත්ස්කරුගේ මරණ සහතිකය අධිකරණයේ හමුවේ ගොනුකර නොමැති නිසා එම කරුණ සැළකිල්ලට ගෙන අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ නොදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ මරණ සහතිකය නොමැතිව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් පුද්ගලයකු ආදේශ කරන ලෙස කරනු ලබන ඉල්ලීම ගැටළු සහගත බවයි.

කෙසේ වෙතත් අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58