පුංචි ඡන්දයේ සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට

පසුගිය මැයි 06 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ඒ, අනුව අදාළ සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

පළාත් පාලන ආයතන 161ක සභාපති, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු සඳහා අදාළ දේශපාලන පක්ෂ නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු සභාපති, නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තනතුරු වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඇති නම් ගැසට් කරනු ඇති.

පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජුනි 02 වනදා ආරම්භ විය යුතු අතර, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත් වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළකළ යුතුව වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?