පිළියන්දල – කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.
අද (08) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇත්තේ එම අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කැළිකසළ අංගනයේ බවයි වාර්තා වන්නේ.
මෙම ගින්න විශාල වශයෙන් පැතිරීමට පෙර මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ පැමිණි බවත් වාර්තා වනවා.
තවමත් ගින්න පවතින බවත් එය නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බවයි මොරටුව මහ නගර සභාවේ නිලධාරියෙකු පැවසුවේ.
මොරටුව, දෙහිවල – ගල්කිස්ස ,කැස්බෑව යන ප්‍රදේශයන්හි නගර සභා, ප්‍රාදේශීය සභා කසළ බැහැර කරන්නේ මෙම ස්ථානයටයි.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1












