පිහි ඇණුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – ඝාතකයා සහ තවත් අයෙකු තුවාල ලබා රෝහලේ

දෙදෙනෙක් අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

බෝයවලාන පොලිසිය සදහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහරච්චිමුල්ල, දුන්දෙණිය ජනපදයේ පදිංචිව සිටි ලියනවඩුගේ සුමේධ ක්‍රිශාන් ලියනගේ නැමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (14) පස්වරුවේ  බෝයවලාව, හෙන්ඩුවාව ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති අතර, මින් තුවාල ලැබූවන් අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයෙකු සහ ඝාතනය සිදුකළ තැනැත්තා ද වන බවයි පොලිසිය පැවසුවේ.

අපරාධය සිදුකළ සැකකරු ගංජා මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ඉකුත් 09 වැනිදා බෝයවලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුව එලෙස අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා බවටයි සැකකරු සිතාගෙන ඇත්තේ.

ඊයේ (14) පස්වරුවේ අදාළ පුද්ගලයා තම සහෝදරයෙකු ද සමඟ ගමන් කරමින් සිටිය දී අතර මඟදී සැකකරු හමු වී තිබෙනවා.

එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සැකකරු විසින් මෙම පිහි ඇණුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පිහි ඇණුමෙන් තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් මේ වන විට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ ඝාතනය සිදුකළ සැකකරු අලව්ව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවා.

බෝයවලාන පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
3
+1
7
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47