පියයුරු පිළිකාවට එරෙහිව දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රෝස පැහැයට

එළඹෙන ජූලි මස 14 වැනි දින තරගයේ දී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සිය ඇඳුමෙහි වර්ණය වෙනස් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙතෙක් කොළ පැහැයෙන් දිස් වූ ඔවුන් මෙදිනට රෝස පැහැයෙන් යුත් ජර්සියක් සහ අත් පටියක් බැඳීමටයි තීරණය කර ඇත්තේ.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රට තුළ සහ ලොව පුරා දිනෙන් දින ඉහළ යන පියයුරු පිළිකා තත්ත්වයට වැට බැඳීම වෙනුවෙන් ජනතාව එම රෝගී තත්ත්වය පිළිබඳ ව දැනුවත් කිරීම හා ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

දඹුල්ල සික්සර්ස් 2024 ජූලි 14 දින රෝස පැහැයට හැරේ: පිළිකා දැනුවත් කිරීම සහ බලාපොරොත්තුව සඳහා ක්‍රිකට් තරගයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලුයේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ රටවල පියයුරු පිළිකා මර්දනයට සහාය හිමිවන අතර දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමග එක් ව මෙම වැඩසටහන ප්‍රචාරණය සඳහා දායක වීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා බහුලවම දක්නට ලැබෙන පිළිකාවක් වන අතර දිනකට කාන්තාවන් 15 දෙනකු මෙම රෝගයට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වනවා.

රෝස පැහැති ජර්සිය ඇඳීමෙන් සික්සර්ස් කණ්ඩායම විසින් ස්වයං පියයුරු පරීක්ෂාව මගින් එම රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රට තුළ ළමා පිළිකා වැඩි වීම හේතුවෙන් සුව අරණ ආයතනය යටතේ දරුවන් 30 දෙනෙකුට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති කිරීම ද මෙම වැඩසටහන මගින් සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21