පියයුරු පිළිකාවට එරෙහිව දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රෝස පැහැයට

එළඹෙන ජූලි මස 14 වැනි දින තරගයේ දී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සිය ඇඳුමෙහි වර්ණය වෙනස් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙතෙක් කොළ පැහැයෙන් දිස් වූ ඔවුන් මෙදිනට රෝස පැහැයෙන් යුත් ජර්සියක් සහ අත් පටියක් බැඳීමටයි තීරණය කර ඇත්තේ.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රට තුළ සහ ලොව පුරා දිනෙන් දින ඉහළ යන පියයුරු පිළිකා තත්ත්වයට වැට බැඳීම වෙනුවෙන් ජනතාව එම රෝගී තත්ත්වය පිළිබඳ ව දැනුවත් කිරීම හා ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

දඹුල්ල සික්සර්ස් 2024 ජූලි 14 දින රෝස පැහැයට හැරේ: පිළිකා දැනුවත් කිරීම සහ බලාපොරොත්තුව සඳහා ක්‍රිකට් තරගයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලුයේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ රටවල පියයුරු පිළිකා මර්දනයට සහාය හිමිවන අතර දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමග එක් ව මෙම වැඩසටහන ප්‍රචාරණය සඳහා දායක වීමට ලැබීම සතුටට කරුණක් බවයි.

ශ්‍රී ලංකාව තුළ පියයුරු පිළිකා බහුලවම දක්නට ලැබෙන පිළිකාවක් වන අතර දිනකට කාන්තාවන් 15 දෙනකු මෙම රෝගයට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වනවා.

රෝස පැහැති ජර්සිය ඇඳීමෙන් සික්සර්ස් කණ්ඩායම විසින් ස්වයං පියයුරු පරීක්ෂාව මගින් එම රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රට තුළ ළමා පිළිකා වැඩි වීම හේතුවෙන් සුව අරණ ආයතනය යටතේ දරුවන් 30 දෙනෙකුට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඇති කිරීම ද මෙම වැඩසටහන මගින් සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?