පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා – දසුන් ශානක

කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ පිතිකරුවෙක් ලෙස මූලික පියවර සාර්ථකව අනුගමනය කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (10) ගුවහාති හීදී පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව අදහස් දක්වමිනුයි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා මෙම අදහස් පළ කළේ.

ඉන්දියාවට එරෙහිව ගුවහාති බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් ඉන්දීය පිල වාර්තා කළත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දසුන් ශානක පන්දු 88කදී හයේ පහර 3ක් හා හතරේ පහර 12ක් සමග නොදැවී ලකුණු 108ක් ලබාගත්තා.

ශානක හා කසුන් රාජිත 9වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 100ක සම්බන්ධතාවක් ගොඩ නගා ශ්‍රී ලංකාවේ 9 වැනි කඩුල්ලට හොදම දෙවැනි සම්බන්ධතාව වාර්තා කිරීම ද කැපී පෙනෙන සිදුවීමක්.

මෙහිදී දසුන් තම එක්දින තරග දිවියේ ලකුණු 1000 සීමාවද ඊයේ පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සිය පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ කාර්ය ඉටු නොවීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළ අතර, මූලිකව ගොඩනගාගත් සැලසුම අනුව පන්දු යවන්නන් කටයුතු නොකළ බවයි සඳහන් කළේ.

“ ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තා. ඒ එක්කම ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන්දීය පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. ඒ දෝලනයත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා. ඒ නිසා තමයි හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ“ යනුවෙන් දසුන් ශානක ප්‍රකාශ කළා.

“අපි පළමු ඕවර 10 තුළ වෙනස්කම් භාවිතා කළේ නැහැ. මම හිතන්නේ විස්සයි 20 තරඟවලදී ඉහළින් පන්දුවට පහර දිය යුතුයි, නමුත් කණ්ඩායමට මාව අවශ්‍ය වෙන ස්ථානයක් තියෙනවා“ යනුවෙන් ද ශ්‍රී ලංකා නායකයා අදහස් දැක්වූවා.

මෙම තරගයේ අවසන් ඕවරයේදී දසුන් ශානක ලකුණු 98ක් රැස් කරගෙන සිටියදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ඔහුව ‘මෑන්කාඩ්‘ ක්‍රමයට දවා ගැනීමට උත්සහ කළා.

එහිදී ඉන්දීය නායක රෝහිත් ශර්මා එම දවා ගැනීම ඉල්ලා අස් කරගනිමින් දසුන්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂාකර ගනිමින්. ඒ සමගම නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක සිය දෙවැනි අන්තර්ජාතික එක්දින ශතකය ද සම්පූර්ණ කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47