ශ්‍රී ලංකාවේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද විශාල ආකර්ශයක් හිමිකර ගෙන ඇති පිටවල පතන, රිවස්ටන් කලාපයේ විශාල නායයෑමක් පෙරේදා (15) රාත්‍රියේ සිදුව තිබෙනවා.
පිටවල පතන සිට රිවස්ටන් දෙසට ඇති මාර්ගයේ 28 කණුව අසළ ප්‍රදේශයේ මෙම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එදින රාත්‍රියේ එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම නාය යෑම සිදු වූ බවට යග්ගල පොලීසිය පවසනවා.]
කෙසේ වෙතත් මේ හේතුවෙන් රත්තොට මාර්ගය හරහා රිවස්ටන් වෙතට ඇතුළු වීම සිමා කර ඇති බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට එම නායයෑමට ලක් වූ ප්‍රදේශයේ මාර්ගය නැවත පිළිසකර කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
2
+1
1
+1




