පිටකොටුවේ ඝාතකයාගේ රුව මාධ්‍යට නිකුත් වෙයි – තොරතුරක් දන්නේ නම් කියන්න (වීඩියෝ)

පිටකොටුව, රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා අලුයම් කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඝාතනය ලක් වූ පුද්ගලයාගේ පිටු පසින් පැමිණි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී පළායන ආකාරය අදාළ සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙනවා.

අපරාධය සිදුකළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ඒ, අනුව පහත දැක්වෙන ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591555 හෝ 071 8594405 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?