පැල් රකිමින් සිටි පුද්ගලයෙක් ගිනි ගොඩකට වැටී පිලිස්සී ජීවිතක්ෂයට

ඇටවීරගොල්ලෑව,නාගිරිකන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු පැලෙන් බිමට බැසීමට ගොස් පය ලිස්සා පහළ තිබූ ගිනි ගොඩකට වැටී පිලිස්සී මියගොස් තිබෙනවා.

ඊයේ (27) අලුයම් කාලයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි ඇටවීරගොල්ලෑව පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙන්නකෝන් මුදියන්සේලාගේ මල්ලව බංඩාර නැමැති 62 හැවිරිදි එක්දරු පියෙක් බව සඳහන්.

අදාළ පුද්ගලයා සිය දියණියට අයත් හේනක පැල් රැකීම සිදුකර ඇති අතර, ඔහු සුපුරුදු පරිදි පසුගිය දා (26) රාත්‍රියේ ද පැල් රකින්නට ගොස් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා පැලඋඩ සිට අවශ්‍යතාවයක් සඳහා ඉනිමඟ දිගේ පහළට එමින් සිටියදී පය ලිස්සා ගොස් පහළ තිබූ ගිනි ගොඩක් උඩට වැටී ඇති බවයි.

එහිදී ගිනි ගැනීමෙන් ඔහුගේ හිසේ කොටසකට බරපතල හානි සිදුව තිබූ බවත්, ඒ මොහොතේ ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති බවත් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඇටවීරගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53