spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැල් රකිමින් සිටි පුද්ගලයෙක් ගිනි ගොඩකට වැටී පිලිස්සී ජීවිතක්ෂයට

ඇටවීරගොල්ලෑව,නාගිරිකන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකු පැලෙන් බිමට බැසීමට ගොස් පය ලිස්සා පහළ තිබූ ගිනි ගොඩකට වැටී පිලිස්සී මියගොස් තිබෙනවා.

ඊයේ (27) අලුයම් කාලයේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි ඇටවීරගොල්ලෑව පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙන්නකෝන් මුදියන්සේලාගේ මල්ලව බංඩාර නැමැති 62 හැවිරිදි එක්දරු පියෙක් බව සඳහන්.

අදාළ පුද්ගලයා සිය දියණියට අයත් හේනක පැල් රැකීම සිදුකර ඇති අතර, ඔහු සුපුරුදු පරිදි පසුගිය දා (26) රාත්‍රියේ ද පැල් රකින්නට ගොස් සිටිය දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා පැලඋඩ සිට අවශ්‍යතාවයක් සඳහා ඉනිමඟ දිගේ පහළට එමින් සිටියදී පය ලිස්සා ගොස් පහළ තිබූ ගිනි ගොඩක් උඩට වැටී ඇති බවයි.

එහිදී ගිනි ගැනීමෙන් ඔහුගේ හිසේ කොටසකට බරපතල හානි සිදුව තිබූ බවත්, ඒ මොහොතේ ඔහු අධික ලෙස බීමත්ව සිට ඇති බවත් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඇටවීරගොල්ලෑව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?