බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුට දිගින් දිගටම තලංගම පොලිසියෙන් හිරිහැර සිදුවන බව එම හෝටලයේ හිමිකරු පවසනවා.
පසුගිය දිනක තමන්ට වරෙන්තුවක් ඇති බව පවසා තලංගම පොලිස් නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන පසුව නිදහස් කළ බවත් එම හෝටල් හිමියා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ පොලිස් නිලධාරීන් පැමිණ හෝටලයෙන් නොමිලේ ආහාරපාන ඉල්ලා සිටින අවස්ථාවන්වල එම ආහාරපාන නොමිලේ ලබානොදීම හේතුවෙන් මේ ආකාරයෙන් තලංගම පොලිසි තමන්ට හිරිහැර කරන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව එම පොලිස් ස්ථානයේ හිටපු ප්‍රධානියෙකුව ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.
මේ අතර ඊයේ දිනයේත් උසස් පොලිස් නිලධාරියෙක් හෝටලයට පැමිණ හෝටලයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවට තර්ජනය කර ගිය බවයි හෝටල් හිමිකරුවා පැවසුවේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප තලංගම පොලිස් ස්ථානයෙන් විමසීමක් කර සිටියා.
එහිදී එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අදාළ හෝටලයේ හිමිකරුවන් විසින් හෝටල ඉදිරිපිට ඇති පදික මංතීරුවේ ආසන සකසා දුම්පානය කිරීමට හෝටලයට පැමිණෙන පාරිභෝගිකයින්ට පහසුකම් සකසා ඇති බවයි.
මේ හේතුවෙන් පදික මංතීරුවේ ගමන් ගන්නා පුද්ගලයින් අපහසුතාවයට පත්වන බවයි එම නිලධාරියා සඳහන් කර සිටියේ.
ඒ, සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් නිලධරීන් ඊයේ එහි ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.





