පශ්චාත් සීමාවාසික අනියුක්ත කිරීමේ ලේඛණය සහ දුෂ්කර සේවා ස්ථාන ලේඛණය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සහ ඒවායේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බවට රජයට මේ වන විට ලිඛිතව දන්වා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා රජයට පැය 48ක් ලබා දෙන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල සඳහන් කළේ.
කෙසේ වෙතත් ලබන 31 වැනිදා පෙරවරු 08.00 වන විට එම සාකච්ඡාව ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් 31 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹෙන බවයි වෛද්‍ය ප්‍රභාත් සුගතපාල වැඩිදුරත් පවසා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













