නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයට හරස් වූ පොලිස් සැරයන් අවසන් ගමන් යයි

නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක ගැටීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය, තෙන්මරච්චි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නීති විරෝධී වැලි කැණීම් සිදුවන බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදු කිරීම සඳහා අද (28) පෙරවරුවේ අදාළ ස්ථානය වෙත ගිය වයස අවුරුදු 50ක් වූ කොඩිකාමම් පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ විමර්ශනය සඳහා ගොස් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර රථයක් ගමන් කළ මාර්ගය හරස් කිරීමට යාමේදී එම ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එවිට එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද ට්‍රැක්ටර් රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් අදාළ සැරයන්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් නිලධාරියා තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු අදාළ ට්‍රැක්ටර රථය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරු අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50