spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට කැත්තකින් වැඩ පෙන්වූ සැකකරු

මිනීමැරුම් ,ස්ත්‍රී දූෂණ ඇතුළු වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයකුගේ පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

පිටිගල තලගස්පේ ප්‍රදේශයේදී මෙලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

මෙසේ පහර දී තිබෙන්නේ පිටිගල පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් කොස්තාපල්වරයෙකුටයි.

මෙම පහරදීමට සැකකරු විසින් කැත්තක් යොදා ගෙන තිබෙන අතර එම පහර දීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ඇතුළු වැරදි කිහිපයක් වෙනුවෙන් චෝදනා ලබා සිටින පුද්ගලයා මෙම පහරදීම සිදු කර පලා පළා යාමට උත්සාහ කිරීමේදී එම ස්ථානයට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුට වෙඩි පහරක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

වෙඩි පහර වැදීමෙන් තුවාල ලැබූ සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට පිටත් කර යැවූ බව රෝහල් ආරංචිමාර්ග පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?