වසර 04ක් සිරගෙදර සිට ආ සැමියා බිරිඳගේ මාස හතේ දරුවාගෙන් පළිගනී

තම සොහොයුරා සමඟ විවාහ වූ බිරිඳ සොයා ගිය පුද්ගලක් ඇයගේ මාස 07ක බිළිඳිය ඝාතනය කළ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

අපරාධයට සම්බන්ධ සැකකාර පුද්ගලයා මංකොල්ලකෑම් නඩුවක වරදකරු වී වසර හතරක් ගුරුග්‍රාම් හි බොන්ඩ්සි බන්ධනාගාරයේ රඳවා සිට පසුගිය 24 වනදා නිදහස්ව පැමිණ තිබෙනවා.

විජය සහානි නැමැති මොහු සිරගතව සිටි වසර 04ක කාලය තුළ බිරිඳ, ඔහුගේ බාල සහෝදරයා සමඟ වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය දරුවෙක් ද බිහිකර ඇති අතර, එම දරුවායි මෙලෙස ඝාතනය කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් සිරගතව සිටි කාලය තුළ සිදුව ඇති සිදුවීම සම්බන්ධයන් කෝපයට පත් වූ මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් 24 සහ අප්‍රේල් 25 අතර රාත්‍රියේ මෙම අපරාධය සිදුකර තිබෙනවා.

මාස 07ක බිළිඳියව ඝාතනය කිරීමෙන් පසු සැකකරු පළාගොස් ඇති අතර, පළාගිය සැකකරු පැය කිහිපයකට පසු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බිළිඳියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය පවුලේ අයට භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40