ෂහීන් ෂා අෆ්රිඩි LPL ක්‍රීඩක වෙන්දේසියට

2024 ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

2024 ලංකා ප්‍රිමියර් ලීග් 5 වන සංස්කරණය මෙම වසරේ ජුලි මස පළමු වනදා සිට 21 දක්වා පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලිය සම්පූර්ණ තරග 24කින් සමන්විතයි.