ඉරාකයේ සමාජ මාධ්‍ය තාරකාවක් වෙඩි ප්‍රහාරයකින් මරුට

ඉරාකයේ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක වන ඕම් ෆහාඩ්, බැග්ඩෑඩ් හි ඇයගේ නිවසින් පිටත දී වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) දිනයේ දී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, සමාජ ජාලවල ජනප්‍රිය කාන්තාවක් නාඳුනන වෙඩික්කරුවෙක් විසින් ඝාතනය කර ඇති බවයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂිත කණ්ඩායමක් පිහිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්.

සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් සඳහන් කළේ ප්‍රහාරකයා ආහාර ඇනවුම් බෙදාහරින්නෙකු ලෙස ලෙස පෙනී සිට ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

පෝප් සංගීතයට හැඩ ගන්වන ඇඳුම්වලින් නර්තන යෙදෙන වීඩියෝ බෙදාගැනීම වෙනුවෙන් ඕම් ෆහාඩ් TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රසිද්ධියට පත්ව සිටියා.

“විනීතභාවය සහ පොදු සදාචාරය” හෑල්ලු කරන වීඩියෝ පට හුවමාරු කරන බවට අධිකරණය විසින් ඇයට පසුගිය වසරේ මාස හයක සිර දඬුවමක් ද නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06