කළු ගඟේ මැණික් සොයන්න ගිය පුද්ගලයා දිය යටදීම ජීවිතක්ෂයට

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයෙන් කළු ගඟේ මැණික් තිබේදැයි පරීක්ෂා කිරීම දිය යට කිමිඳුණු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල, ගර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙක් සමඟ බෝට්ටුවක නැඟී කළු ගඟේ මැණික් ගැරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂාකර බැලීම සඳහා ගොස් තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයා වතුරට පැන කිමිඳී ඇති අතර, විනාඩි කිහිපයක් ගත වුවත් නැවත ඔහු උඩට නොපැමිණිම හේතුවෙන් බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයෙක් දියට පැන කිමිඳී ඔහුව සෙවීම ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා දිය යට රිටක් අල්ලාගෙන සිටින අයුරු දැක ඔහුව වහා බෝට්ටුව වෙත රැගෙන හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මෙම පුද්ගලයා දියේ ගිලුණු ස්ථානයේ මීට පෙර ද දියේ ගිලීමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) හොරණ මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50