පැපුවා නිව්ගිනි රාජ්‍යයේ ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කැන්ඩ්‍රියන් ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කළේ මෙම කම්පනය රික්ටර් මාපකයේ එකක 6.2ක් ලෙසට සටහන් වී ඇති බවයි.

එරට වේලාවෙන් රාත්‍රී 9.48ට මෙම කම්පනය සිදුවී ඇති අතර මෙමගින් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔස්ට්‍රේලියාවට වඩාත් ආසන්නයෙන්ම පිහිටි රට වන පැපුවා නිවු ගිනි හි හටගත් මෙම ප්‍රබල භූමිකම්පාව පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 57ක් ගැඹුරිනුයි සටහන් වී ඇත්තේ.

මෙමගින් ඔස්ට්‍රේලියාවට කිසිදු සුනාමි අවධානමක් නොමැති බව කාළගුණ විද්‍යා කාර්යාංශය අවධාරණය කලා.

මේ අතර ඊයේ රාත්‍රියේ ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේද රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබුණා.

කෙසේවෙතත් ජපාන බලධාරීන් සඳහන් කළේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බවයි.

පෘථිවි විද්‍යාව සහ ආපදා ප්‍රතිරෝධය පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනය (NIED) ප්‍රකාශ කර ඇත්තේ මෙම භූමිකම්පාව නෙමුරෝ අර්ධද්වීපයේ කිලෝමීටර් 61 (සැතපුම් 38) ගැඹුරින් සිදුවී ඇති බවයි.

තුවාල හෝ සිදුවූ හානි පිළිබඳ වාර්තා වී නැහැ.

අග්නිදිග ආසියාව හරහා සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන දැඩි භූ කම්පන ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානයක් වන පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇති ජපානයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, ටෝකියෝහි ඉදිකිරීම් සඳහා දැඩි රෙගුලාසි ඇති බැවින් ගොඩනැගිලිවලට ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර ජපාන භූ විද්‍යා විශේෂඥයෙක් ජනතාවට අනතුරු අඟවා ඇත්තේ සතියක පමණ කාලයක් භූමිකම්පා ගැන විමසිලිමත් වන ලෙසටයි.

එමෙන්ම විශාල භූ කම්පනයකට සූදානම් වීම සඳහා හදිසි අභ්‍යාස පැවැත්වීම ද ජපානය පුරුද්දක් ලෙස සිදු කරනවා.

මේ අතර නුදුරු අනාගතයේ දී ඉන්දියාවේ විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට එරට ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ (NGRI) ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටිමීටර පහක් පමණ චලනය වන බවත් එමගින් හිමාලය ආශ්‍රිතව උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූමිකම්පාවක් ඇති විය හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

හිමාලය ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බවයි ඔවුන්ගේ මතය වන්නේ.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණා.

මේ අතර මෙම මස මුල් සතියේ තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පා දෙකකින් පුද්ගලයන් 41,000කට වැඩි පිරිසක් මිය ගියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ යුරේෂියානු තලය සහ ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලය ගැටෙන ප්‍රදේශයේ පිහිටා ඇති හිමාලය ආශ්‍රිතව ඕනෑම අවස්ථාවක භූ කම්පනයක් සිදුවිය හැකි බවයි.

කෙසේවෙතත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය හැකි වන්නේ අදාළ භූ කම්පනයේ ප්‍රබලත්වය මත බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දීය භූ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති ආකාරයට රික්ටර් මාපකයේ ඒකක 8ක පමණ භූ කම්පනයක් සිදුවුව හොත් එය අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට ද දැනෙන බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

මීට වසර 2කට පමණ පෙර හිමාල ප්‍රදේශයේ සිදුවූ කම්පනය කොළඹ ප්‍රදේශයට තදින් දැනී තිබු බව සිහිපත් කළ මහාචාර්යවරයා කියාසිටියේ මෙවර අනාවැකි පළ කර ඇති ආකාරයේ කම්පනයක් සිදුවුව හොත් එය කොළඹට පමණක් නොව යාපනය ද ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැනෙනු ඇති බවයි.

පෘථිවි අභ්‍යන්තරයේ ශක්තිය මුදා හැරීම් සමග සිදුවන මෙවැනි භූ කම්පන දැනෙන විශේෂ තල මායිම් ද පිහිටා තිබෙනවා.

එම තල මායිම් හරහා අදාළ ශක්තිය මුදා හැරීම් පොළොව මතුපිටට පැමිණෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එම කම්පන කුමන තල මායිමක සිදුවන්නේ ද යන්න තීරණය වන්නේ ශක්ති මුදා හැරීම පෘථිවි පෘෂ්ඨයට කොපමණ දුරකින් සිදුවන්නේ ද යන්න මත බව ඔහු සඳහන් කරනවා.

රික්ටර් මාපකයේ ඒකක 8කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය ඉතා ප්‍රබල එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවටයි මතය වන්නේ.

එය මීට වසර 2කට පමණ පෙර උත්තර්කාන්ද් ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය මෙන් සිය ගුණයක පමණ ප්‍රබලත්වයකින් යුක්ත එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට දැනෙන බලපෑම ද සිය ගුණයකින් වැඩි වනු ඇති බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

කෙසේවෙතත් එවැනි කම්පනයක් සිදුවනු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර අවධානයෙන් පසුවීම සුදුසු බවයි ඔහු කියාසිටියේ.

පොළොව අභ්‍යන්තරයේ සිදුවන භූ කම්පනවලින් කිසිදු ආකාරයකින් මිනිසුන්ට හානියක් නොවන අතර හානි සිදුවන්නේ ගොඩනැගිලි කඩා වැටීම හමුවේ ඊට යටවීමෙන් බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින් භූ කම්පනයකදී තැනිතලා භූමියකට ගමන් කර ආරක්ෂිතව සිටීම වැදගත් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18