පාස්පෝට් ගන්න ඔන්ලයින් අයදුම්පත් 9000 ඉක්මවයි

පසුගිය දින 9 තුළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

ඔන්ලයින් අයදුම්පත් ද්වාරය හරහා අයදුම්පත් 9158ක් ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වනදා විදේශ ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

අයදුම්කරු තම ලියාපදිංචි කිරීම් කටයුතු සඳහා නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර ගෙවීම් කටයුතු මාර්ගගතව හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පිවිසීමෙන් සිදු කළ හැකියි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි ක්‍රම දෙකක් පවතිනවා.

හදිසි සේවාව සඳහා රුපියල් 15,000ක් අය කෙරෙන අතර එහිදී විදේශ ගමන් බලපත්‍රය දින 3ක් ඇතුළත කුරියර් කෙරෙනු ඇති.

සාමාන්‍ය සේවාව හරහා ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් දින 14ක් ඇතුළත එවනු ලබන අතර ඒ සඳහා අය කෙරෙන මුදල රුපියල් 5000ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26