spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් ගන්න ඔන්ලයින් අයදුම්පත් 9000 ඉක්මවයි

පසුගිය දින 9 තුළ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් 9000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

ඔන්ලයින් අයදුම්පත් ද්වාරය හරහා අයදුම්පත් 9158ක් ලැබී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 15 වනදා විදේශ ගමන් බලපත්‍ර සඳහා මාර්ගගත අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

අයදුම්කරු තම ලියාපදිංචි කිරීම් කටයුතු සඳහා නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර ගෙවීම් කටයුතු මාර්ගගතව හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පිවිසීමෙන් සිදු කළ හැකියි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි ක්‍රම දෙකක් පවතිනවා.

හදිසි සේවාව සඳහා රුපියල් 15,000ක් අය කෙරෙන අතර එහිදී විදේශ ගමන් බලපත්‍රය දින 3ක් ඇතුළත කුරියර් කෙරෙනු ඇති.

සාමාන්‍ය සේවාව හරහා ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් දින 14ක් ඇතුළත එවනු ලබන අතර ඒ සඳහා අය කෙරෙන මුදල රුපියල් 5000ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?