පාස්කු සතියේ විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අද සිට මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.

මේ වෙනුවෙන් පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව කැඳවීමටද නියමිත බව ඔහු පැවසුවා.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා පිඩාවට පත් පුද්ගලයින් සිහි කරමින් ලබන 09 වැනිදා ඉරිදා දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙය පැවැත්වෙනවා.

පාස්කු ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?