AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාර වාර්තාවේ පිටු ගැලවුණේ කොහොමද සොයන්න විශේෂ විමර්ශනයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ මැදිහත්වීමක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (08) පෙරවරුව් කැඳවා තිබූ සතියේ කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාවේ ඇතැම් පිටු අස්ථාන ගත වුයේ කෙසේද එම පිටු ගැලවුණේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශන පවත්වන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

“ජනාධිපතිවරයාට භාර දීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද, භාරදුන්න ඒවගේ තිබුණද, ඊට පස්සේ මොකද වුණේ, ඒ සියල්ල ගැන මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?