පාස්කු ප්‍රහාරයෙන් මියගිය බැතිමතුන් ශාන්තුවරුන් ලෙස නම් කිරීමට පියවර

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය ශාන්තුවරුන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙයක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වන සංවත්සරය අප්‍රේල් 21 වනදා සමරන අවස්ථාවේ මෙහි පළමු පියවර තබන බවයි.

ඒ අනුව දේව මෙහෙයට පැමිණ සිටියදී මරණයට පත්වූ බැතිමතුන් 273 දෙනාගේ නම් ශුද්ධාසනයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කාදිනල් හිමිපාණන් සඳහන් කළා.

“2019 අප්‍රේල් 21 වෙනිදා පල්ලිවල මැරුණ අය තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. එදා පල්ලියට ආවේ ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරපු නිසා. අනිත් සාන්තුවරයන්ට වගේ ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරපු නිසා ඔවුන් ජීවිතය පූජා කළා. පුද්ගලයෙකු සාන්තුවරයෙකු ලෙස නම් කළ හැක්කේ ඔහුගේ පූජාවෙන් වසර පහක් සම්පූර්ණ වූ පසුවයි. ඒ නිසා අපි මේ වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා වින්දිතයන් සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනවා. ක්‍රිස්තියානි ධර්මය යනු පල්ලිවල ආගමික වතාවත්වල නිරත වීම පමණක් නොවේ. අපි යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අන්‍යයන්ගේ යුක්තිය වෙනුවෙන් කතා කළ යුතුයි. පල්ලිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය විශ්වකෝෂයේ අපට උගන්වා ඇත්තේ මෙයයි. යනුවෙන් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21