පාස්කු නඩු තීන්දුවට අදාළව වන්දි ගෙවීම් පිළිබඳව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන් විසින් දැනට ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ සවිස්තර වාර්තාවක් නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.

වග උත්තරකරුවන් විසින් හානිපූරණ කාර්යාලයට සිදු කරන ලද එම වන්දි ගෙවීම් පදනම් කරගෙන නීතිපතිවරයා විසින් මෝසමක් මාර්ගයෙන් මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

පසුගිය ජනවාරි මස 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහකට අදාළ තීන්දු ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම තීන්දුවට අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු විසින් රුපියල් මිලියන 75 බැගින් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් මිලියන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියෝග කර තිබුණා.

තීන්දුව ලබා දුන් දින සිට මාස හයක කාලයක් තුළ අදාළ වන්දි මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා.

එම නියෝගයට අනුව දැනට සිදු කර තිබෙන වන්දි ගෙවීම්වලට අදාළව හානිපූරණ කාර්යාලය ලබා දුන් තොරතුරු පදනම් කරගෙන නීතිපතිවරයා විසින් අදාළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16