පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂාව තහවුරු කිරීමට උපදෙස්

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවල දී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (17) දින මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් දන්වා සිටියා.

2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුළ පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21