AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන්ට ලබා දෙන කොවිඩ් එන්නත මෙන්න

වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඒ අනුව ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

රජයේ පළමු ඉලක්කය වන්නේ මිලියන 11.5ක පිරිසකට එන්නත ලබා දීම වන බවත් සඳහන් කර ඇති ඒ මහතා දෙවැනි ඉලක්කය වන්නේ වයස අවුරුදු 12 – 30ත් අතර පිරිසට එන්නත්කරණය සිදුකිරීම බව ද පවසා ඇත.

ඒ අනුව පළමුවෙන් වයස අවුරුදු 12 – 18 ත් අතර පාසල් සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය සිදුකර අවසන් කරන බවත් ඒ මහතා පැවසීය. 

එසේම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදීයාමේ දී  90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද වීරතුංග මහතා පෙන්වා දුන්නේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?