පාසල් ළමුන්ට ලබා දෙන කොවිඩ් එන්නත මෙන්න

වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඒ අනුව ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

රජයේ පළමු ඉලක්කය වන්නේ මිලියන 11.5ක පිරිසකට එන්නත ලබා දීම වන බවත් සඳහන් කර ඇති ඒ මහතා දෙවැනි ඉලක්කය වන්නේ වයස අවුරුදු 12 – 30ත් අතර පිරිසට එන්නත්කරණය සිදුකිරීම බව ද පවසා ඇත.

ඒ අනුව පළමුවෙන් වයස අවුරුදු 12 – 18 ත් අතර පාසල් සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, සැප්තැම්බර් 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි සියලුදෙනාට එන්නත්කරණය සිදුකර අවසන් කරන බවත් ඒ මහතා පැවසීය. 

එසේම වයස අවුරුදු 18-30 අතර පිරිසට එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබූ වහාම එය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

නවතම වාර්තාවකට අනුව එන්නත් බෙදීයාමේ දී  90% කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ ධනවත් රටවල් විසින් ලබාගෙන ඇති බවත්, දියුණුවන සෙසු රටවල් අතර 5% කට අඩු ප්‍රමාණයක් බෙදී ගොස් ඇති අතර ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය විශාල ජයග්‍රහණයක් බව ද වීරතුංග මහතා පෙන්වා දුන්නේය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29