spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියක් කිලෝමිටර් 54ක පාගමනක නිරත වෙමින් චෝලන් වාර්තා පොතට එක්වෙයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් (20) දින කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි තිබෙනවා.

වසන්ත කුමාර් නිතර්ෂණා නැමති 15 හැවිරිදි පාසල් සිසුවිය එම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන අතර , ඇය (20) දින උදැසන නාවලපිටිය පොලිස් ස්ථානය අසලින් උදැසන 6.05 පාගමන ආරම්භ කර පස්වරු 2.35 බගවන්තලාව නගර මධ්‍යයෙන් පාගමන පැය 8 විනාඩි 30 කින් අවසන් කර ඇත.

නාවලපිටිය , ගිනිගත්හේන , වටවල , හැටන් , දික්ඔය , නොර්වුඩ් හරහා බගවන්තලාව දක්වා පාගමනේ නිරත වන අවස්තාවේ මාර්ගය දෙපස පිහිටි පාසල් වල සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගෙත් , එම මාර්ගය දෙපස පිහිටි තේ වතු වල වතු කම්කරුවන්ගේද පුර්ණ සහයෝගය එම පාසල් සිසුවිය වෙත ලැබි තිබුණි.

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට බගවන්තලාව ප්‍රදේශයෙන් එම පාසල් සිසුවියගේ නාමය එක්වු බව එම පාගමන නිරික්ෂණයට පැමිණි මෙරට නියෝජිත සි.නාගවාණි රාජා මහතා ඇතුළු නිලධාරින් ප්‍රකාශයට පත් කර ඇත.
බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන නිතර්ෂණා සිසුවිය චෝලන් වාර්තා පොතට සිය නාමය එක් කිරිම වෙනුවෙන් ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයෙන් උණුසුම් පිලිගැනිමක් සිදු කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?