පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගන්න වවුචර්

ඉතිරි සති කිහිපය තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තව දුරටත් වැඩි කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනිකව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩ්‍යුලර් ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය වන බවයි ඔහු අවධාරණය කළේ.

ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන් ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරී පුහුණු ගුරුවරුන් බඳවාගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පක්ෂය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කියාසිටියේ ගාල්ල ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්.

විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයන් සඳහා උපාධිධාරීන් 5450ක් බඳවා ගැනීමට මේ දිනවල නිවේදන නිකුත් කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉන් ජාතික පාසල් සඳහා 1700ක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන් ම බඳවාගනු ලබන බවත් විශ්‍රාමයෑම, රට හැර යාම වැනි හේතු නිසා පළාත් මට්ටමින් මතු වී ඇති ගුරු පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවත් සඳහන් කළා.

අනතුරුව රටේ ගුරු ඌනතාව බෙහෙවින් වලක්වාගත හැකි වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. එසේ ම නව පරිපාලනමය ව්‍යුහය මත පර්ෂද පාසල් සංකල්පය මත පාසල් පර්ෂද තුළ ගුරු තුලනයන් සිදු කරගැනීම මගින් යම් ගුරු හිඟයක් වෙතොත් එය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කියාසිටියා. පාසල් විනය යථාවත් කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා කියාසිටියේ ලබන වසර වන විට උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක පමණ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ද සිදු කර අවසන් කරන බවයි.

එසේ ම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ අඩක් අවසන් කර ඇති පාසල් ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
7
+1
1
+1
0
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58