ගෝලීය නායකයින් ජම්මු – කාශ්මීර ප්‍රහාරය හෙළා දකියි

ලොව පුරා දේශපාලන නායකයින් ජම්මු හා කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අගමැති මෝදි වෙත එම ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් ගැන සිය බලවත් සංවේගය පළ කරන ලද බවයි.

ප්‍රහාරකයින්ට යුක්තිය ඉටු කිරීමට සහාය වීම සඳහා අමෙරිකානු පූර්ණ සහයෝගය ද ඒ සමග ම ලබාදෙන බවට ද සහතික කෙරුණා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය ත්‍රස්තවාදයට එරෙහිව දෙරට එක්සත්ව සිටින බවටත් ට්‍රම්ප් ඉන්දියාවට දැනුම්දී තිබෙනවා.

මීට පෙර, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ ට්‍රම්ප්ට ප්‍රහාරය පිළිබඳව දැනුම් දුන් බවයි. ඇය ප්‍රහාරය කුරිරු ලෙස විස්තර කළ අතර ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ කැපවීම නැවත තහවුරු කෙරුණා.

එමෙන්ම මේ වනවිට තම පවුලේ අය සමඟ ඉන්දියාවේ සංචාරයක නිරත ව සිටින අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ එය හද කම්පා කරවන සුළු සිදුවීමක් බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඉන්දීය ජනාධිපති දෞපද්‍රි මුර්මු සහ අගමැති මෝදි වෙත ශෝකය පළ කර තිබෙනවා.

මෙම කුරිරු අපරාධයට කිසිදු සාධාරණීකරණයක් නොමැති බවත් ත්‍රස්තවාදීන්ට හා අපරාධකරුවන්ට හිමි විය යුතු කුරිරු දඬුවම ඉක්මනින් ලැබෙනු ඇති බව ද සඳහන් කර සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය ද ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහනක, ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය ඉන්දීය රජයට සහ ජනතාවට, විශේෂයෙන් වින්දිතයින්ගේ පවුල්වලට හෘදයාංගම ශෝකය පළ කර ඇති අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිනවා.

ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සංවේගය පළ කර ඇති අතර ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාවට ඊශ්‍රායලයේ සහයෝගය ලබා දී තිබෙනවා.

ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඊශ්‍රායලය ඉන්දියාව සමඟ සිටින බවයි නෙතන්යාහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි ද ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

සමාජ මාධ්‍ය සටහනක ඇය සඳහන් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරය ගැන දැඩි ලෙස ශෝකයට පත් වූ අතර ඉන්දීය රජය සහ ජනතාව සමඟ ඕනෑම අවස්ථාවක දී සිටිනා බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසුවේ, ගුටරෙස් මහතා විපතට පත් පවුල්වලට සිය හෘදයාංගම ශෝකය පළ කර ඇති බවයි.

සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර කිසිම විටෙක පිළිනොගන්නා බව ද හෙතෙම කියා සිටිනවා.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරය “අතිශයින්ම විනාශකාරී” ලෙස අර්ථ දක්වා තිබෙනවා.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඩෙන්මාර්ක අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන්, ගයනා ජනාධිපති ඉර්ෆාන් අලි, යුරෝපීය කවුන්සිලයේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන්, ඔස්ට්‍රෙලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස්, ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය ද මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර වින්දිතයින් වෙනුවෙන් උපරිම සාධාරණය බලාපොරොත්තු වන බවත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03