එක් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා සිගරට් ගෙනා දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත” (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (23) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොවුන් අතරින් එක් අයෙකු මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පෙදරේරුවරයෙක් බවත් අනෙක් තැනැත්තා කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.

මොවුන් අද දින අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුවන් විසින් ගෙන ආ ගමන් මළු තුළ ප්ලැටිනම් සහ මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 77,000ක් අඩංගු දුම්වැටි කාටූන් 385ක් තිබූ බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

මේ වනවිට මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14