ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවයෙන් ලැබුණු කෝටි හතලිස් පන් ලක්ෂයේ කුෂ් හා හෂීස්

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා, කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක්, ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී, කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබුවා.

අමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාලඹේ, කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කිහිපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීම් සිදු කර, ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබියදී සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර කුෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 677ක් සහ හෂීෂ් කිලෝග්‍රෑමයක් සහ ග්‍රෑම් 852ක් තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51