කැකිරාව නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 06 වන ශ්‍රේණියේ සිසුවියක් හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව කැකිරාව පොලිසිය පවසනවා.
අදාළ සිසුවිය ඊයේ (01) පස්වරුවේ පාසල නිම වී නිවසට යෑමට පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇති තිබෙනවා.
එලෙස සිහිසුන්ව මාර්ගයේ ඇද වැටී සිටි සිසුවිය පාසල් සේවා බස් රථයක් මඟින් කඩිනමින් කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
බරපතළ තත්ත්වයේ සිටි එම සිසුවිය රෝහල් ගතකිරීමේ දී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය, තල්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියක් වන අතර, ඇය ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය පාසැලකට ඇතුළත්ව තිබෙනවා.
මිය ගිය සිසුවියගේ දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා මෘත ශරීරය අනුරාධපුර අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.





