පාසල් බසය එනතෙක් බලා සිටි සිසුවිය මහ මඟ හදිසියේ මියයයි

කැකිරාව නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 06 වන ශ්‍රේණියේ සිසුවියක් හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව කැකිරාව පොලිසිය පවසනවා.

අදාළ සිසුවිය ඊයේ (01) පස්වරුවේ පාසල නිම වී නිවසට යෑමට පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇති තිබෙනවා.

එලෙස සිහිසුන්ව මාර්ගයේ ඇද වැටී සිටි සිසුවිය පාසල් සේවා බස් රථයක් මඟින් කඩිනමින් කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බරපතළ තත්ත්වයේ සිටි එම සිසුවිය රෝහල් ගතකිරීමේ දී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය, තල්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියක් වන අතර, ඇය ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය පාසැලකට ඇතුළත්ව තිබෙනවා.

මිය ගිය සිසුවියගේ දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා මෘත ශරීරය අනුරාධපුර අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12