පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න

වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (05) අධිකරණයේදී සඳහන් කළාය.

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය ඒ බව පෙන්වා දී තිබේ.

නඩු විභාගය අතරවාරයේදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා ඇත්තේ අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවය.

මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දී තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවය.

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුවෙකු හා මූල්‍ය කළමනාකරුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කී මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් නියෝග කළාය.

මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් මෙහිදී පොලීසියට නියෝග කර ඇත.

එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ගණිකා වෘත්තිය සඳහා යෙදවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් බලන්න ආ සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි..මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද?
06:20
Video thumbnail
පරාජයට හේතු කියන දසුන් ශානක..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31
Video thumbnail
"මෙතනින් ගද්දි කතා කළේ නෑ..අමාරුවෙන් හිටියේ"කන්ටේනර් රථයක රටකජු ලොරියක් වැ# සිදුවූ බිහිසුණු අනතුර
01:34
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26


?