පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න

වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (05) අධිකරණයේදී සඳහන් කළාය.

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය ඒ බව පෙන්වා දී තිබේ.

නඩු විභාගය අතරවාරයේදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා ඇත්තේ අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවය.

මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවද මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දී තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවය.

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුවෙකු හා මූල්‍ය කළමනාකරුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කී මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් නියෝග කළාය.

මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් මෙහිදී පොලීසියට නියෝග කර ඇත.

එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ගණිකා වෘත්තිය සඳහා යෙදවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42