පාසල් පැවැත්වෙන දිනයන්වල දී උදෑසන 6.30ත් 7.45ත් අතර කාලය තුළ සහ පෙරවරු 11.30ත් පස්වරු 2.30ත් අතර කාලය තුළ වැලි ඇතුළු ඛනිජ ද්‍රව්‍යය ප්‍රවාහනය අත්හිටුවීම අද (08) සිට බලාත්මක බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පවසනවා.
අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ එය කොන්දේසියක් ලෙස ප්‍රවාහන බලපත්‍ර සදහා ඇතුළත් කරන බවයි.
මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා වන විට දිවයිනපුරා ඇති භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලවලට දැනුම්දීමට කටයුතු කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මේ සඳහා අනුගත වීමට සති තුනක කාලයක් ලබාදී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
+1
+1
+1
+1













