පාසල් ආරම්භවන සහ අවසන්වන කාලය තුළ ඛනිජ ද්‍රව්‍යය ප්‍රවාහනය අත්හිටුවීම අද සිට බලාත්මකයි

පාසල් පැවැත්වෙන දිනයන්වල දී උදෑසන 6.30ත් 7.45ත් අතර කාලය තුළ සහ පෙරවරු 11.30ත් පස්වරු 2.30ත් අතර කාලය තුළ වැලි ඇතුළු ඛනිජ ද්‍රව්‍යය ප්‍රවාහනය අත්හිටුවීම අද (08) සිට බලාත්මක බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ එය කොන්දේසියක් ලෙස ප්‍රවාහන බලපත්‍ර සදහා ඇතුළත් කරන බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා වන විට දිවයිනපුරා ඇති භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලවලට දැනුම්දීමට කටයුතු කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මේ සඳහා අනුගත වීමට සති තුනක කාලයක් ලබාදී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43